Home » පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට පා ගමනින් ගොස් යුද හමුදාවේ කීර්තිරත්න ගිනස් වාර්තාවක් තබයි

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට පා ගමනින් ගොස් යුද හමුදාවේ කීර්තිරත්න ගිනස් වාර්තාවක් තබයි

by gayan
September 19, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ඉන්දික කීර්තිරත්න මහතා යාපනය පේදුරුතුඩුවේ සිට මාතර දෙවුන්දරතුඩුව දක්වා දින දොළහක් තුළ පා ගමනේ යෙදෙමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වීය. කිලෝමීටර 580.16 ක දුරක් ආවරණය කිරීමට දින 10කුත්, පැය 12ක් ගත කළ ඒ මහතා මාතර දෙවුන්දරතුඩුවෙන් ගමන අවසන් කරනු ලැබුවේ රැස්ව සිටි ජනතාවගේ ජයඝෝෂා හඬ මධ්‍යයේය. යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ කරනු ලැබූ පා ගමන කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පසුකරමින් ඉකුත්දා (16) උදෑසන දෙවුන්දර තුඩුවෙන් සාර්ථක ලෙස නිමාවට පත් කළේය. පාගමනින් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයන් විසින් නව සෙරන්ඩිබ් ගිනස් ලෝක වාර්තා සඳහා වූ සහතිකය ඉන්දික කීර්තිරත්න මහතා වෙත භාරදීම ද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස මධ්‍යම මේජර් ජෙනරල් ඩී. එම්. පී. පී. දසනායක, ශ්‍රී ලංකා සංඥා බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ. කේ. ඩී. අධිකාරි මහත්වරු ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන් සාමාජිකයන් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT