මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පමණක්, සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වටය ආරම්භ වීමට ප්‍රථමයෙන් නැඟීසිටි මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ තිබුණේ සාමාන්‍යයෙන් පොදු විෂය පද්ධතියක්. දෙවැනි වසරෙ සිට තමයි සිවිල්,විදුලි, ඉලෙක්ට්‍රානික වැනි විෂයන්වලට බෙදීම් කළේ. මෙවර උසස් පෙළ ප්‍රතිඵල ආ ගමන්ම විශ්වවිද්‍යාලයෙන් සිසුන්ට දැනුම් දී තිබෙනවා තමන්ට අදාළ විෂය පථය තෝරා ගන්න කියලා. පේරාදෙණියෙ, ගාල්ලෙ, ඉංජිනේරු පීඨ තියෙනවා. අලුතින් පීඨ පටන් ගන්නවා. මේ පීඨවලට අදාළ නොවන විදිහට මොරටුව විතරක් මේක කළේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න