Home » උ/පෙළ Z අගය අනුව පළමු වසරේම අදාළ පාඨමාලාවට යොමු කරනවා

උ/පෙළ Z අගය අනුව පළමු වසරේම අදාළ පාඨමාලාවට යොමු කරනවා

by mahesh
September 20, 2023 1:00 am 0 comment

මොරටුව විශ්වවිද්‍යාලයට තේරී ඇති සිසුන් උසස් පෙළ විභාගයේදී ලබාගත් ඉසෙඩ් අගය අනුවම අදාළ පාඨමාලාවලට පළමු වසරේදීම යොමු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිනමිණට’ ඊයේ (19) පැවසීය.

මින් පෙර මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත් වන සිසුන් පාඨමාලාවලට යොමු කරනු ලබන්නේ පළමු වසර විභාගයෙන් ලබා ගන්නා ප්‍රතිඵල මත බවත් හෙතෙම කීවේය.

ඒ අනුව එම සිසුන් සිවිල්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පාඨමාලාවලට තෝරාගනු ලබන්නේ දෙවැනි වසරේදී බවත් සභාපතිවරයා පැවසුවේය.

සිවිල්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විෂයන් හැදෑරීම සඳහා මේ වන විටත් නව ක්‍රමවේදය යටතේ සිසුන් තෝරා ගැනීම සිදු කෙරෙන බවත් හෙතෙම වැඩිදුරටත් කිවේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x