2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් කළේය.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව අදාළ වාර්තාව මුද්‍රණය සඳහා අනුමැතිය ලබාදීම පාර්ලිමේන්තුවේදී ඊයේ (19) සිදු විය.
මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට නඩු පැවරීම වෙනුවෙන් ක්‍රීඩා සමාජ පහක් සඳහා ක්‍රිකට් ආයතනය මඟින් රුපියල් මිලියන 36ක මුදලක් ලබා දී ඇති බවයි. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ඉවත් කිරීමේ සැලසුමක් පවතින බව ද හෙතෙම පැවසීය.
සභානායක අමාත්‍ය, සුසිල් ප්‍රේමජයන්ත මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි ඛාණ්ඩයේ 2022 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටී-20 ලෝක කුසලානය පිරිමි ක්‍රිකට් තරගාවලිය පිළිබඳ විශේෂ විගණනයේ දෙවන කොටස පිළි ගන්වනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. අවසන් වාර්තාව ලෙස. ඔබතුමා දන්නවා, අපි පසුගිය සතියේ විවාදයක් පැවැත්වූවා. එදා අපි ඉදිරිපත් කළ චෝදනා මෙම අවසන් වාර්තාවෙන් අනුමත කර තිබෙනවා. එදා රොෂාන් රණසිංහ ඇමැතිවරයාත් මේ දේවල් පිළි ගත්තා. එතුමා අපට ස්තූතිවන්ත වුණා. දැන් මොකක්ද සිදුවී තිබෙන්නේ. ආණ්ඩුවෙන් එතුමාට ඉවත් වෙන්න කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධව කරපු චෝදනා පිළිගත් නිසා. මේක ඇත්ත කතාවක්.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතාවලට කටයුතු නොකර ඇමැතිවරයාට ඉවත් වෙන්න කීම සාධාරණද? මේ විගණන වාර්තාවේ කියනවා, ඇමැතිතුමාට නඩු දාන්න කියලා. ඇමැතිතුමාට නඩු දාන්න කියලා ක්‍රීඩා සමාජ පහකට මිලියන 36ක් දී තිබෙනවා. එන්සීසී ක්‍රිකට් ආයතනයට විශාල මුදලක් දී තිබෙනවා. පහක් ඒ අය වියදම් කරනවා.
ඉතිරි මුදල නඩුවට වියදම් කරනවා. මේ එකක් පමණයි. මේක කෝප් එකට අරින්න. ක්‍රිකට්වලට සිදුව තිබෙන ව්‍යසනය පේනවනේ. මේක කෝප් එකට ඇරලා ඉතාමත් ඉක්මනින් පරීක්ෂාවට ගන්න කියන්න.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න