Home » ආධුනික ඇත්ගොව්වන්ට NVQ සහතිකයක්

ආධුනික ඇත්ගොව්වන්ට NVQ සහතිකයක්

by chanaka
September 20, 2023 2:01 pm 0 comment

ආධුනික හස්ති භාරකරුවන්(ඇත්ගොව්වන්) ලෙස NVQ සහතික පාඨමාලාවේ පුහුණුව සඳහා පළමුවරට බඳවා ගත් 15 දෙනකු පසුගියදා(18) පින්නවලදී සිය පුහුණුව ආරම්භ කර තිබේ.

ජාතික සත්වොද්‍යානය මගින් මේ පුහුණුවට අයදුම්පත් කැඳවා තිබූ අතර පළමු කණ්ඩායම ලෙස මෙම ආධුනික හස්ති භාරකරුවන් 15 දෙනා පුහුණුව ආරම්භ කළ බව ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.

සය මාසික නේවාසික පාඨමාලාවක් වන මෙම පාඨමාලාව අවසානයේදී හස්ති භාරකරුවන් වෙත NVQ-4 මට්ටමේ සහතිකයක් වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පිරිනමනු ලබයි.

අලිඇතුන් බලාගැනීම සම්බන්ධව පසුගිය කාලයේ විවිධ ගැටලු මතුවීම හේතුවෙන් ඇත්ගොව්ව්න්ට අලිඇතුන් බලාගැනීම සම්බන්ධව විද්‍යානුකූල පුහුණුවක් ලබාදීම අරමුණු කරගනිමින් ජාතික සත්වොද්‍යානය මගින් මෙම පාඨමාලාව ආරම්භ කෙරිණි.

මාස 06 ක පුහුණුව සාර්ඨකව නිම කරන ආධුනික හස්ති භාරකරුවන්ට වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පිරිනමනු ලබන මෙම NVQ-4 සහතිකය සතුන් සංරක්ෂණ කටයුතු සම්බන්ධ රැකියා සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

හීලෑ අලි ඇතුන් හිඟයක් දැනට රටතුළ පවතින බැවින් ජනාධිපති කාර්ය සාධක බලකාය,ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්ව අලි ඇතුන් අභිජනන වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබේ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT