Home » සුඩානයේ සුප්‍රකට ‘ග්‍රේටර් නයිල්’ කුලුනට ප්‍රහාරයක්

සුඩානයේ සුප්‍රකට ‘ග්‍රේටර් නයිල්’ කුලුනට ප්‍රහාරයක්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

සුඩානයේ රජයේ හමුදාව සහ පැරාමිලිටරි හමුදාව අතර පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ වූ යුද ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වෙද්දී එරට කාටුම් අගනුවර පිහිටි ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් සමාගමේ කුලුනට ප්‍රහාරයක් එල්ලවීමෙන් එය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සුඩානයේ අනන්‍යතාව ලෙස සැලකෙන එම කුලුන විනාශ වීම අතිශයින්ම කනගාටුදායක බව එම ගොඩනැඟිල්ලේ ගෘහනිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ටග්‍රීඩ් ආබ්දීන් ට්විටර් සමාජ මාධ්‍යජාලයේ සටහනක් ද තබා ඇත.

මහල් 18කින් සමන්විත ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් සමාගමේ කුලුන කාටූම් අගනුවර අතිශයින්ම ජනප්‍රිය ස්ථානයක් වන අතර, ඊට ප්‍රහාර එල්ල වූයේ කිනම් පාර්ශ්වයකින්දැයි මෙතෙක් තහවුරු වී නැති බව ද වාර්තා වේ. වීදුරු මුහුණතින් යුතු එම ගොඩනැඟිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් ගැන තොරතුරු මෙතෙක් වාර්තා වී නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT