Home » ඉන්දියාවේ 15 වියැති සිසුවකු කොණ්ඩය දිගට වවා ගිනස් පොතට යයි

ඉන්දියාවේ 15 වියැති සිසුවකු කොණ්ඩය දිගට වවා ගිනස් පොතට යයි

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 15 හැවිරිදි සිසුවකු නව යොවුන් වියේ පසුවන පුද්ගලයකු සතු ලොව දිගම කොණ්ඩයේ ගිනස් වාර්තාව තැබීමට සමත් වූ බව ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කර ඇත. සිදක්දීප් සිං චාහල් නමැති මේ නවයොවුන් තරුණයාගේ හිසකේ අඩි 4කුත්, අඟල් 9.5ක් දිග බව වාර්තා වේ. මේ වන විට ලොව දිගම කොණ්ඩය හිමි පිරිමියකු ලොව නැති බැවින් චාහල්ට අවුරුදු 18 සපිරීමෙන් පසු එම වාර්තාව ඔහුට හිමිවනු ඇතැයි ද ගිනස් වාර්තා වෙබ් අඩවියේ සඳහන් වේ.

මීට පෙර ලොව දිගම කොණ්ඩය හිමි නව යොවුන් තරුණයා ලෙස ගිනස් පොතට ඇතුළත්ව සිටියේ ද ඉන්දියාවේ නිලන්ෂි පටේල් නමැති සිසුවකු වන අතර, අඩි 6කුත්, අඟල් 6ක් දිගැති ඔහුගේ කොණ්ඩය 2021 වසරේදී කෞතුකාගාරයකට පරිත්‍යාග කර ඇති බැවින් චාහල්ට එම වාර්තාව අත් වූ බවත් ගිනස් වාර්තා වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සතියකට දෙවතාවක් සිය හිසකෙස් සෝදා වියැලීමට සිදක්දීප්ට පැය දෙකක කාලයක් ගතවන බවත්. ඒ සඳහා ඔහුගේ මවගේ සහයෝගය ලැබෙන බවත් වැඩිදුරටත් වාර්තාවේ.

මීට පෙර ලොව දිගම පිරිමි කොණ්ඩය හිමි පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද ඉන්දියාවේ පුද්ගලයෙකි. ස්වාමි පණ්ඩරසන්නාධි නමැති එම පුද්ගලයාගේ හිසකේ අඩි 26ක් දිගට තිබූ බව ද වාර්තා වේ. 1949 දී ඔහු එම වාර්තාව සතු කරගත් අතර, මේ වන විට ජීවතුන් අතර නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT