දොන් සමරපාල සංජීව සමරරත්න හෙවත් මාකිලංගමුවේ සංජීව නමැති සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම පරීක්ෂණ වාර්තාව සමග එළඹෙන ඔක්තෝබර් 4 දාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඊයේ (19) බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට සහ වීරගුල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට නියම කළේය.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ තම සේවාදායකයා වන දොන් සමරපාල සංජීව සමරරත්න හෙවත් මාකිලංගමුවේ සංජීව දැනට වීරගුල පොලිස් ස්ථානයේ රඳවා විමර්ශනය කරන බව මහාධිකරණය හමුවේ පැවසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් බණ්ඩාර මහතා තම සේවාදායකයාට නිසි ආරක්ෂාවක් නැති බව දන්වා ඇති හෙයින් ඔහුට නිසි ජීවිත ආරක්ෂාවක් සලසන ලෙස පොලිසියට නියෝග කරන ලෙසත් මහාධිකරණයෙන් ඇයද සිටියේය. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත උතුර (පෑලියගොඩ) අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට සහ සැකකරු දැනට රඳවා සිටින වීරගුල පොලිසියේ ස්ථානාධිපතිවරයාටත් එළඹෙන ඔක්තෝබර් 4 දාට ගම්පහ මහධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් නියම කෙරිණි.
ගම්පහ අධිකරණ - ටෝනි කරුණානායක