Home » ශ්‍රී ලංකා – වියට්නාම ආයෝජන ප්‍රවර්ධනයට පියවර

ශ්‍රී ලංකා – වියට්නාම ආයෝජන ප්‍රවර්ධනයට පියවර

by mahesh
September 20, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වි-පාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනයට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙරට අතර සිදු වන ද්වි-පාර්ශ්වික ආයෝජන තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධාන කළ වෙබ්නාර් සාකච්ඡාවක් පසුගියදා පැවති අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වියට්නාමයේ විදේශ ආයෝජන ඒජන්සිය මේ සඳහා එක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා ලියාපදිංචි නියෝජිතයන් පනස් දෙදෙනකු පමණ සම්බන්ධවී තිබෙන අතර, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය සාජ් යූ මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම වියට්නාම ආයෝජකයන්ට ප්‍රයෝජනවත් විය හැක්කේ මන්ද යන්න සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබේ.

මේ අතර රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය වියට්නාම ආයෝජකයන්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පූර්ණ සහයෝගය දෙන බව සඳහන් කර තිබෙන අතර, ආයෝජන ප්‍රතිපත්ති, අවස්ථා සහ ආයෝජකයන් සඳහා දෙන දිරිගැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ප්‍රසන්ජිත් විජයතිලක මහතා කරුණු දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT