Sunday, May 11, 2025
Home » දෙළුම්වලින් විවිධ නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දුන් කාවන්තිස්සපුර අසික

දෙළුම්වලින් විවිධ නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දුන් කාවන්තිස්සපුර අසික

by mahesh
September 20, 2023 1:00 am 0 comment

තිස්සමහාරාම සමුහ - ඒ. ඒ. පේමසිරි

දෙළුම් වගා කර එයින් විවිධ නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දුන් තරුණයකු අපට හමුවූයේ තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයෙනි.

නමින් අසික පින්සර සමරසේකර වන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත් තරුණයෙකි. රජයේ රැකියා සොයමින් දවස ගෙවනවා වෙනුවට ඔහු තම පියා සමඟ එක්ව කාවන්තිස්සපුර, මාතකඩආර ප්‍රදේශයේ අක්කර තුනක බිම් ප්‍රමාණයක රෙඩ් ඒන්ජල් (රතු දෙළුම්) වර්ගයේ දෙළුම් වගාවක් ආරම්භ කළේය.

මේ දෙළුම් වගාව පිළිබඳව අසික මෙලෙස අදහස් දැක්වීය.

“මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිතුවා. තාත්තා හොඳ ගොවියෙක්. වියළි දේශගුණික තත්ත්වයක් මේ ප්‍රදේශයේ පවතින නිසා එය සැලකිල්ලට ගෙන දෙළුම් වගා ආරම්භ කළා. මේ වන විට දෙළුම් වගාවේ අස්වනු නෙළමින් පවතිනවා. දෙළුම් ගෙඩි වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරනවා වෙනුවට ඊට වටිනාකමක් දෙමින් දෙළුම් යුෂ පමණක් නොව දෙළුම් ගෙඩියේ පොතු සහ දෙළුම් කොළ සාරය ගෙන ඖෂධීය පාන හා ආලේප වර්ග නිවෙසේදීම නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කරන්න හිතුවා.

ඒ අනුව දෙළුම් යුෂ, දෙළුම් ජෑම්, දෙළුම් තේ මෙන්ම රූපලාවණ්‍යයේදී භාවිත කරන නේත්‍රා ඇස් සත්කාරකයක් සහ දෙළුම් ක්‍රීම් වර්ග ඇතුළු ඖෂධීය ගුණයෙන් යුත් නිෂ්පාදන රැසක් හඳුන්වාදීම සිදු කළේ හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන රත්නායක මහතාගේ සහභාගිත්වයෙන්. මේ වන විට දැඩි ආර්ථික අපහසුතාවට පත් ප්‍රදේශයේ පවුල් කිහිපයක තරුණ තරුණියන්ට රැකියා දීමටත් මට හැකිවී තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT