Home » අමෙරිකාවේ ව්‍යාපාර 40ක ප්‍රධානීහු ජනපති සමඟ වටමේසයකට එති
ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා: 

අමෙරිකාවේ ව්‍යාපාර 40ක ප්‍රධානීහු ජනපති සමඟ වටමේසයකට එති

by mahesh
September 20, 2023 1:00 am 0 comment

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පෙරේදා (18) පැවැත්වුණු “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමේ ප්‍රගතියක් අත්කර ගැනීමට ගත යුතු නව පියවර පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.

විදේශ කටයුතු ඇමැති නීතිඥ අලි සබ්‍රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරීස් මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධාන කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා සහභාගි විය.

මේ වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළෙඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ අමෙරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT