Thursday, September 28, 2023
Home » අල-ලූනු සමාගමේ කෝටි හතේ වංචාවට සේවිකාවක් අත්අඩංගුවට

අල-ලූනු සමාගමේ කෝටි හතේ වංචාවට සේවිකාවක් අත්අඩංගුවට

by mahesh
September 20, 2023 1:00 am 0 comment

අල සහ ලූනු ආනයනය කරන සමාගමක සිදු වූ රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් එම සමාගමේ සේවිකාවක පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 11 මුහුදු මාවතේ පදිංචිකාරියක වන 37 හැවිරිදි වියේ පසු වන කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. මේ කාන්තාව අදාළ සමාගමේ සේවිකාවක ලෙස සේවයේ නිරත වෙමින් සිටිමින් සමාගමට අය විය යුතු රු. 69,132,038ක මුදලක් සමාගමේ ගිණුමට බැර නොකර වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ කාන්තාව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT