Home » ගින්නෙන් නිවෙස අළු වූ දැරණියගල විහංගාට ඇමැති ප්‍රසන්න අත දෙයි

ගින්නෙන් නිවෙස අළු වූ දැරණියගල විහංගාට ඇමැති ප්‍රසන්න අත දෙයි

by mahesh
September 20, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

දැරණියගල, උඩමාලිබොඩ ප්‍රදේශයේ ඉකුත්දා (14) ගිනි ගෙන විනාශ වූ නිවෙස වෙනුවෙන් සනුකි විහංගා දැරියට නව නිවෙසක් ඉදි කර දීමට රුපියල් ලක්ෂ හතහමාරක් පිරිනැමීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදලින් මෙම මුදල ලබා දෙන අතර එහි ඉදි කිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද නියමිතය.

ඉකුත් 14 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැරණියගල, උඩමාලිබොඩ ප්‍රදේශයේ ජීවත් වන සනුකි විහංගා දැරියගේ නිවෙස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ විය. මෙය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය එයට යොමු විය.

සනුකිගේ පියාට ස්ථීර රැකියාවක් නැත. ඔවුහු කුලී වැඩ කරමින් එදා වේල පිරිමසා ගනිති. නිවෙස ගිනිගෙන විනාශ වූ බැවින් ඔවුන් ඉටි රෙදිවලින් ආවරණය කරගත් තාවකාලික නිවෙසක මේ වන විට ජීවත් වේ. එබැවින් නව නිවෙසක් ඉදි කර ගැනීම ඔවුන්ට අතිශයින්ම දුෂ්කර කාර්යක් වී තිබිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ නිවෙස ඉදි කිරීමට අදාළ වාර්තා කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරුගෙන් ලබාගත් බවයි. ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළතදී දැරියට නව නිවෙසක් ඉදි කර දීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT