කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබිහිදී මේ මස 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවැසීය.හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද මෙම උත්සවයට සහභාගී වන බවත් වරාය නගරයේ ආයෝජනය කිරීම සඳහා දැනටමත් ආයෝජකයන් 17ක් ඉදිරිපත් වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.
කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
කොළඹ වරාය නගරයේ නම, කොළඹ මූල්‍ය නගරය (colombo financial city) ලෙස වෙනස් වීමට ඉඩ තිබෙන බවත් ඒ බව තවමත් ස්ථිර නොමැති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඩුබායි හා අබුඩාබිවලදී නිල වශයෙන් මෙම එළිදැක්වීම සිදු කරනුයේ මේ කාලසීමාව තුළ එක්සත් ජාතීන්ට අදාළව සහ වෙනත් ආයෝජකයින් බොහෝ සංඛ්‍යාවකගේ ෆෝරම් එකක් මෙහි පැවැත්වෙන නිසා බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.