Thursday, September 28, 2023
Home » වරාය නගර ව්‍යාපෘතියක් නැත්නම් රටේ සංවර්ධනයක් නැති විදිහට මන්ත්‍රීවරුන් කතා කරනවා

වරාය නගර ව්‍යාපෘතියක් නැත්නම් රටේ සංවර්ධනයක් නැති විදිහට මන්ත්‍රීවරුන් කතා කරනවා

by mahesh
September 20, 2023 1:00 am 0 comment

වරාය නගර ව්‍යාපෘතිය නොමැතිව රටේ සංවර්ධනයක් නැති බව හැඟවෙන විදියට ඇතැම් දේශපාලනඥයන් කතා කිරීම විහිළුවක් බව ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසුවාය. මෙරට පරිසරයටත්, ධීවර ප්‍රජාවටත් විශාල බලපෑමක් මෙම ව්‍යාපෘතියෙන් එල්ල වූ බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.

මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.

පෝට් සිටි පටන්ගත් අරමුණ සහ අද තිබෙන අරමුණ අතර විශාල වෙනසක් තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වුවත් මේ පෝට් සිටි එකේ අරමුණ මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. එක එක්කෙනා එක එක දේවල් කියනවා. සමහරු කියනවා ෆයිනෑන්ෂල් සිටි එකක් කියලා. තවත් සමහරු කියනවා අධ්‍යාපන හබ් එකක් කියලා. මේක පටලවාගෙන තිබෙන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT