පාස්කුදා ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී වසර කිහිපයක් ගතවුවත් විපක්ෂ නායකවරයා එය පරිශීලනය නොකිරීම කනගාටුවට කරුණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.
රටට බලපාන බැරෑරුම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විපක්ෂය ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.
පාස්කුදා ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ විවාදයට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,
මේ වාර්තාවේ කිසිම අවස්ථාවක කියල නැහැ උපදෙස් දෙන්න එනව කියල. එතුමන්ලට කැමතිනම් සහභාගි වෙන්න පුළුවන්. අකමැතිනම් සහභාගි නොවී ඉන්න පුළුවන්. ඔබතුමන්ල වගකීමක් දරන විපක්ෂයක් විදිහට ජනතාව නොමඟ යවන කරුණු කියන්න එපා.