Home » කන්කසන්තුරේ යුද හමුදා කඳවුර තිබූ අක්කර 30ක ඉඩම නැවතක් අයිතිකරුවන්ට

කන්කසන්තුරේ යුද හමුදා කඳවුර තිබූ අක්කර 30ක ඉඩම නැවතක් අයිතිකරුවන්ට

by mahesh
September 20, 2023 12:55 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් පවත්වාගෙන ගිය අක්කර 30ක ඉඩම නිදහස් කොට යාපනයේ ඉඩම් පරිහරණ කමිටුව වෙත භාර දීමෙන් පසුව එම ඉඩම අයිතිකරුවන් 21 දෙනා අතර බෙදාදීමට යාපනය දිසාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉඩම් සඳහා බලපත්‍ර ඇති පුද්ගලයන්ට එම බලපත්‍ර හා ඉඩම් හඳුනාගත හැකි පුද්ගලයන් රැගෙන වලිකාමම් උතුර ග්‍රාම නිලධාරිවරයා හා ඉඩම් නිලධාරිවරයා හමුවන ලෙස උපදෙස් දී තිබේ.

මෙම ඉඩම් යුද හමුදාව යාපනයේ ආරක්ෂාව සඳහා ලබාගෙන ඇත්තේ මීට වසර 38කට ඉහතදීය.

විශේෂයෙන්ම මෙම ඉඩම යුද හමුදාව ලබාගෙන ඇත්තේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ ආරක්ෂාවට හා පලාලි අධි ආරක්ෂිත කලාපය ශක්තිමත් කිරීම පිණිසය.

එම කාලය තුළ යුද හමුදාව ඉදිකොට ඇති බොහෝ ඉදිකිරීම් ද සහිතව ඉඩම්ලාභීන්ට එම ඉඩම් ලැබෙන අතර, එම පළාතේ වළලා තිබූ සියලුම බිම්බෝම්බ ඉවත්කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT