අධික ලෙස මත්පැනට ඇබ්බැහි වූ පාසල් සිසුවියක් මුදල් හිඟකමත්, මව හා පියාගේ නොසැලකිල්ලත් නිසා ඉබාගාතේ යන බව සිතා නිෙවසින් පිටව ඉබාගාතේ යමින් සිටියදී පොලිසියේ පිහිට පතා මාතලේ පොලිසියේ කාන්තා කාර්යාංශයට ගොස් පාපෝච්චාරණයක් සිදුකර ඇත.
ඇයගේ පාපෝච්චාරණයේ සඳහන් වන පරිදි අයියාගේ මිතුරාගෙන් අතවරයට ලක්වූ පුවතක් සමඟ මාතලේ මූලස්ථාන පොලිසිය මෙම සිසුවිය ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළ අතර, පාසල් සිසුන් දෙදෙනෙක් හා අයියාගේ මිතුරාද ඇතුළුව තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
2020 වසරේදී වරකන්ද ප්‍රදේශයේ නිවෙසක මවත්, අයියාගේ මිතුරෙකුත් එකට මත්පැන් බී සිටියදී රාත්‍රි කාලයේ දී මෙම පාසල් සිසුවිය කිහිප වතාවක් අයියාගේ මිතුරාගේ අතවරයට ලක්ව ඇති බවත් ඉන් පසු වරින්වර මෙලෙස හැසිරීමත් සිදුව තිබේ.
පාසල් ගමනට බාධාවක් නොවන ආකාරයට පාසල් මිතුරන් සමඟද පෙම් සබඳතා ඇති කරගෙන වියරුව ලිංගික ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ කිසිම දේකින් කිසිම සරණක් නොවූ හෙයින් කාන්තා හා ළමා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහත්මිය හමුවී සියල්ල හෙළි කර ඇත.
මෙම සිසුවිය මාතලේ විදුහලක ඉගෙනුම් ලබමින් සිටියත්, ඇය ළාබාල වියේදීම අනාරක්ෂිත ලෙස හැසිරීමේ එල විපාක විඳිමින් මවගේ සෙනෙහස නොලැබීම, නොසැලකිල්ල ආදිය කෙරෙහි සිත් තැවුලට පත්ව අවසානයේ ඇයට පොලිසියේ පිහිට පැතීමට සිදුව ඇත. මේ වන විටත් මාතලේ සහ මහනුවර පාසල් දෙකක සිසුන් දෙදෙනකුගේ සිතැඟියාවන් සැනසීම අනුවද ඇය තවත් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇත.
2022 වසර වන විට මාතලේ එකම පාසලේ ඉගෙන ගත් මිතුරෙකු හාදකම් පවත්වන විට වයස අවුරුදු පහළොවක තරුණයා මේ වන විට අවුරුදු දහසයක් බව පොලිසිය පවසයි. මෙම කාලය තුළදී අලවතුගොඩ, කොනකලගල පදිංචි වයස 15ක මහනුවර පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු ද සමඟ හාදකම් පවත්වමින් සිටි ඇති අතර ඔහුද මත්පැන්, මත් ද්‍රව්‍යවලට පුරුදු, මේ වන විට අවුරුදු දහසයක පාසල් සිසුවෙකි. සිසුවියද මේ වන විට අවුරුදු දහසය ඉක්මවූ අයෙක් බව පොලිසිය පවසයි.
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන මහතා හමුවට යොමු කළ මෙම පාපෝච්චාරණයේදී ගැටලුව පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කර ඇත. සිසුවියගේ ප්‍රකාශයේ සඳහන් වන පරිදි අවසන් වරට පෙම් සබඳතාවය ඇති කරගත් මිතුරා සමඟ මත්පැන් බීමටත්, මත්පෙති බීමටත් අධික ලෙස පුරුදුව සිටි බව ඇය පාපෝච්චාරණය කර ඇත. මුදල් අගහිඟකම් සිදුවන අවස්ථාවලදී කුමන හෝ ආකාරයකින් මුදල් සොයන ආසාව නිසා මේ තත්ත්වයට පෙලඹුණු බවද පවසා ඇත. මුදල් නොලබෙන අවස්ථාවලදී කොහේ හරි යනවා කියන අදහසින් පොලිසියට ආ බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.
මේ සියල්ලට නිදහස ලැබුණේ මවගේ නොසැලකිල්ල නිසා බව පොලිසිය අනාවරණය කර ගැනීමත් සමඟ සැකකරුවන් සොයා අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරිපත් කරන ලෙසට කාන්තා කාර්යාංශයට නියම කර ඇත.
අතවරයට ලක්වූ කාන්තාව මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී පරීක්ෂණයකට භාජනය කර දැනට මවගේ ආරක්ෂාව යටතේ මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ අනුව පළමු සැකකරු උකුවෙල, දෙමටගොල්ල පදිංචි 21 හැවිරිදි අයෙක් බවත්, දෙවන හා තුන්වන සැකකරුවන් මාතලේ නගරයේ සහ අලවතුගොඩ කොනකලගල පදිංචිකරුවන් වෙයි.
ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පළමු සැකකරුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක්ද, දෙවන සැකකරුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇපයක්ද, තෙවන සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක්ද දෙවන තුන්වන සැකකරුවන්ට පරිවාස වාර්තා ඉදිරිපත් කරන ලෙසත්, මවුපියන්ට භාර කරමින් දැඩි ලෙස අවවාද කරමින් නිදහස් කර, නැවත ඔක්තොබර් මස 20 වැනිදාට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මාතලේ දිසා මහේස්ත්‍රාත් ආර්.පී.කේ.එන්. රංකොත්ගේ මහත්මිය විසින් පොලිසියට නියම කළාය.