Friday, May 9, 2025
Home » බසයේ ඇහිලූ 30,000 අයිතිකරු සොයා භාර දෙයි

බසයේ ඇහිලූ 30,000 අයිතිකරු සොයා භාර දෙයි

පාණදුර රාජකීය සිසුවාගේ රාජකීය වැඩක්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක වැටී තිබූ රුපියල් තිස් දහසක් සහිත මුදල් පසුම්බිය දැඩි වෙහෙසක් දරා අයිතිකරු සොයා භාරදීමට පාණදුර රාජකීය විද්‍යාලයේ පන්සිළු කෝදාගොඩ ශිෂ්‍යයා ඊයේ (19) කළේය.

ගාල්ල නගරයෙන් බසයට නැග ඇති ඔහු අසල මැදි වයසේ පුද්ගලයකු අසුන් ගෙන සිට ඇති අතර, ඔහු වාද්දුව නගරයෙන් බැස ගොස් ඇත. ඔහු වාඩි වී සිටි තැන වැටී තිබූ මුදල් පසුම්බිය මෙම සිසුවා විසින් අහුලාගෙන තිබේ.

එහි (ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක බිල්පතක් තිබී ඇති අතර එහි අංකයට කතා කර සිසිටිවී දර්ශනයද පරීක්ෂා කිරිමෙන් අනතුරුව මෙම සිසුවා අදාළ පසුම්බියේ හිමිකරු සොයා ගෙන ඇත.

ඒ අනුව හිමිකරු වන වාද්දුව මැලැගම ප්‍රදේශයේ පදිංචි ජී. නන්දසිරි මහතා කැදවා තම පාසලේ විදුහල්පතිවරයාද ඉදිරියේ මුදල් පසුම්බිය ලබාදීමට පන්සිළු සිසුවා පියවර ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT