Sunday, May 11, 2025
Home » කසිප්පු බෝතල් 60ක් සන්තකයේ තබා ගෙන 60000ක් දඩකයි

කසිප්පු බෝතල් 60ක් සන්තකයේ තබා ගෙන 60000ක් දඩකයි

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ ටෝනි කරුණානායක

නීති විරෝධීව විකිණීම සඳහා කසිප්පු බෝතල් 60ක් සන්තකයේ තබා ගැනීම සහ කසිප්පු පෙරීම සඳහා උපකරණ ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් 60000ක දඩයක් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා ඊයේ (19) නියම කළේය.

දිවුලපිටිය, වල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙසේ දඩ නියම කෙරුණි. දිවුලපිටිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක නිහාල් දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වල්පිට ප්‍රදේශයේදී එම වැටලීම සිදු කොට තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.

නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු වට පහකින් යුත් තඹ දඟරයක් සහ යකඩ බැරල් එකක් රාජසන්තක කෙරුණි.

වල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉරේෂ් සමන් කුමුදු ඩයස් නමැති විත්තිකරුට මෙසේ දඩ නියම වූ අතර දිවුලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් බණ්ඩාර (81532) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT