Sunday, May 11, 2025
Home » ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරග බිමේදී රේණු චන්ද්‍රිකා

ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරග බිමේදී රේණු චන්ද්‍රිකා

නදීෂා ගයාත්‍රිට ලෝකඩ පදක්කමක්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ හිටපු නොම්මර එකේ බැඩ්මින්ටන් ශූරිය වන රේණු චන්ද්‍රිකා ද සිල්වා ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය. පසුගියදා දකුණු කොරියාවේ පැවැති මේ ශූරතාවලියේ අවුරුදු 45 වයස් කාණ්ඩයේ කාන්තා යුගල තරගයේදී රන් පදක්කම සහ කාන්තා ඒකල තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය.

කාන්තා යුගල තරග ඉසව්වේ අවසන් මහා තරගයේදී ජර්මනියේ ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව ලකුණු 21-7ක් සහ 21-7ක් ලෙස ජපානයේ මකී ජින් සහ මිකීකෝ ෂිමාඩා පරාජය කිරීමට සමත් වූ රේණු චන්ද්‍රිකා එහි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-14ක් සහ 21-13ක් ලෙස නෙදර්ලන්ත ක්‍රීඩිකා ජෝර්ජි වැන් සෝලැන්ඩ් හමුවේ පරාජයට පත්වූවාය.

මේ අතර ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 35 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු මෙරට තවත් විශිෂ්ට ක්‍රීඩිකාවක වන නදීෂා ගයාත්‍රි එම වයස් කාණ්ඩයේ කාන්තා ඒකල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT