අවුරුදු 19න් පහළ බාලිකා දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී තම සිව්වැනි ජය වාර්තා කිරීමට මේ දක්වා අපරාජිතව පසුවන උහන ජාතික පාසල සමත් විය.
උහන ජාතික පාසල අම්පාර බණ්ඩාරනායක බාලිකා මහා විදුහල ලකුණු 118කින් පැරදවූ අතර, මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විදුහල කඩුලු 7කින් පරාජය කළේය.
කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල පොල්ගහවෙල සාන්ත බර්නදෙත් විදුහල ලකුණු 101කින්, අම්පාර බණ්ඩාරනායක බාලිකා මහා විදුහල මොනරාගල මදුරුකැටිය මහා විදුහල ලකුණු 133කින් පැරදවීමට සමත් විය.
මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයට එරෙහිව ත්‍රිකුණාමලයේ සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විමෝක්ෂා උපමාලි නොදැවී ලකුණු 128ක් රැස් කිරීමට සමත් වීම කැපීපෙනිණි.
මාතලේ ශ්‍රී සංඝමිත්තා
බාලිකාවට කඩුලු 7ක ජයක්
ත්‍රිකුණාමලය සිංහල ම.ම.වි. – 211/5 (ඕවර 25) විමෝක්ෂා උපමාලි නොදැවී 128, අකීෂා අභිමානි 22 (දිනායා ගමගෙදර 38/2)
ශ්‍රී සංඝමිත්තා බාලිකා – 215/3 (38. ) දිනායා ගමගෙදර 68, සඳුනි ගුණතිලක 41, පියුමි කුලතුංග 35 (විහඟි නුවංගනා 61/2)
උහන ජාතික පාසලට
ලකුණු 118ක ජයක්
උහන ජාතික පාසල – 157 (ඕවර 21.3) පමුදි මෙත්සරා 66 (අශිංෂානි මයාෂා 33/3, හිමාෂා සිත්මි 19/2, නිම්ෂා යෙෂානා 23/2, මුයිඳුනි සෙහන්සා 57/2)
අම්පාර බණ්ඩාරනායක බාලිකා – 39 (ඕවර 12.2) (සෙව්මිණි රත්නායක 5/3, පමුදි මෙත්සරා 63/3)
කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට ලකුණු 101ක ජයක්
කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය – 196/7 (ඕවර 25) තිසරණි බණ්ඩාර 32, හේෂානි අබේසිංහ 26, ශනුද්‍රි ගුණරත්න 25, දුල්මිණි චන්ද්‍රකුමාර 24 (අමාෂා ඉන්දීවරී 3/2, ආශිංසනා හිරුෂි 44/2)
පොල්ගහවෙල සාන්ත බර්නදෙත් – 95 (ඕවර 21.4) (නිපුනි කෞෂල්‍යා 21/2, හේෂානි අබේසිංහ 23/2)
බණ්ඩාරනායක බාලිකාවට ලකුණු 133ක ජයක්
අම්පාර බණ්ඩාරනායක බාලිකා ම.වි. – 239/4 (ඕවර 25) හිමාෂා සිත්මි 42, අශිංෂානි මායාෂා 29
මදුරුකැටිය ම.වි. මොනරාගල – 106 (ඕවර 21.3) (අශිංෂානි මායාෂා 12/3, ඉමාෂි සෞභාග්‍යා 19/3, නෙත්මි වාසනා 25/2)
විසඳුමකින් තොරයි
මහනුවර ආදර්ශ පාසල – 56 (ඕවර 18) (සනුදි දිසානායක 5/2, දැහැමි චිරත්මා 7/2)
මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලය – 6/0 (ඕවර 1.3)
ඉෂානි යද්දෙහි