Home » විද්‍යා පීඨවලට සිසුන් ගැනීම ලබන මාසයේ තෝරාගත් සිසුන් 7400ක නම් අමාත්‍යාංශ වෙබ් අඩවියේ

විද්‍යා පීඨවලට සිසුන් ගැනීම ලබන මාසයේ තෝරාගත් සිසුන් 7400ක නම් අමාත්‍යාංශ වෙබ් අඩවියේ

by sachintha
September 21, 2023 1:45 am 0 comment

වසර 2019, 2020 උසස් පෙළ සමත් සිසුන් විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීම ඔක්තෝබර් මාසයේදී සිදු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. වසර 2021 කණ්ඩායම විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය සංශෝධනයට ලක් කර ඊළඟ සති දෙක තුන ඇතුළත නිකුත් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වසර 2019, 2020 කණ්ඩායමෙන් විද්‍යා පීඨ සඳහා සිසුන් 7400ක් ඇතුළත් කර ගැනීමේ නාම ලේඛනය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් බවත් විද්‍යා පීඨ 19 සඳහාම සිසුන් ඇතුළත් කර ගන්නා බවත් ඇමැතිවරයා කීය. විද්‍යා පීඨයන්හි දෙවැනි වසරේ අයගේ විභාග අවසන්ව උත්තර පත්‍ර සමීක්ෂණය මේ දිනවල සිදු කරන බවත් එය අවසන් වූ වහාම නව කණ්ඩායම බඳවා ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. අධ්‍යාපන සේවයේ කණ්ඩායම් දෙකක් සිටින අතර එම කණ්ඩායම් දෙක සමඟ ලේකම්වරයා පසුගියදා සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීන්දුවකට පැමිණ ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT