දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෑතකදී Auto Capital Investment Private Limited (ACIPL) සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹුණි. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ වනුයේ ACIPL විසින් ආනයනය කරනු ලබන නවතම විදුලියෙන් ධාවනය වන වාහන සඳහා වසර 5ක වගකීම් ආවරණයක් සමඟින් සුවිශේෂී මෝටර් රථ රක්ෂණ ආවරණයක් ලබාදීමයි.
මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම අගෝස්තු 17 වන දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාවට ඔටෝ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සමාගමෙහි සම නිර්මාතෘ/අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී දිලූම් රත්නායක මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජනය කරමින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (සාමාන්‍ය රක්ෂණ), ප්‍රියන්ත පෙරේරා මහතා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී (හිමිකම්- සාමාන්‍ය රක්ෂණ), සරත් ප්‍රනාන්දු මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රාරක්ෂණ – සාමාන්‍ය රක්ෂණ), නදීරා ගුණවර්ධන මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි සහ ආයතනික ව්‍යාපාර – සාමාන්‍ය රක්ෂණ), මහේෂ් ගමගේ මහතා , ජ්‍යෙෂ්ඨ කළමනාකාර (මෝටර් රථ රක්ෂණය), වරුණි නෝනිස් මහත්මිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රියන්ත පීරිස් මහතා ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරු (මෝටර් රථ රක්ෂණය), මහේන් ගුණවර්ධන මහතා, ශාඛා කළමණාකරු මියුරු රාජපක්ෂ මහතා, අලෙවි කළමනාකාරිණි ඉරේහා මැදිවක වෙතසිංහ මහත්මිය සහ ශාඛා කළමනාකරු දන්ත ද සිල්වා මහතා සහභාගී විය.
මෙම විශේෂ රක්ෂණ ආවරණය සහ වගකීම් සහතිකය ^Warranty Card& මගින් ආවරණය කරනු ලබන්නේ Permit බලපත්‍ර ක්‍රමය යටතේ ACIPL විසින් ආනයනය කරන ලද විදුලියෙන් ධාවනය වන මෝටර් රථ, ඩබල් කැබ් රථ සහ SUV රථ සඳහා පමණි. මෙම විශේෂ රක්ෂණ සැලසුම මගින් හදිසි අනතුරු හානි සහ නිෂ්පාදන වර්ෂයේ සිට වසර 5ක් දක්වා දීර්ඝ කළ වගකීම් ආවරණය කරනු ලබයි. ගංවතුර ආවරණය, කැරලි කෝලාහල සහ සිවිල් කලබල ආවරණය වැනි අමතර ආවරණ අතිරේක වාරිකයක් මගින් මෙම ආවරණයට එක් කළ හැකිය.
සම්ප්‍රදායික ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට වඩා ප්‍රතිලාභ රැසක් ලබා දෙන නිසා විදුලියෙන් ධාවනය වන මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී. පිරිවැය ඉතිරිකිරීම්, කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමීත්වය යන ප්‍රතිලාභ ද මෙයට ඇතුළත් වේ. එසේම තිරසාර අනාගතයක් සඳහා රටවල් සාම්ප්‍රදායික පිළිවෙත්වලින් ඉවත් වී වඩාත් තිරසාර විකල්ප තෝරාගත යුතුය. වැඩි වැඩියෙන් විදුලියෙන් ධාවනය වන මෝටර් රථ වෙළඳපොළට පැමිණීම සාධනීය ප්‍රවණතාවයක් වනු ඇති අතර වගකිවයුතු ආයතන ලෙස එවැනි ධනාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෑම විටම තිරසාර ව්‍යාපාර සඳහා සහාය වීමට ඉදිරිපත් වේ. ඒවගේම, ‘සැමට රක්ෂණයක්’ ලබා දීම යන සිය දැක්ම මෙහෙයවමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව වෙළෙඳපොළ වෙත පිවිසීමට සහ පාරිභෝගිකයින්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීමට අඛණ්ඩව කටයුතු කරයි. එබැවින්, විදුලියෙන් ධාවනය වන වාහන භාවිතා කරන පාරිභෝගිකයින් සහ ආනයනකරුවන් දිරිමත් කිරීම සදහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විදුලි වාහන හිමියන් සඳහා විශේෂ රක්ෂණ සැලැස්මක් හඳුන්වා දීමට ඉදිරිපත් විය. මෙම විශේෂ මෝටර් රථ රක්ෂණ ආවරණය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 24/7 ක්ෂණික ඇමතුම් අංක 011 2 357 357 වෙතින් ලබාගත හැකිය.