Home » ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් චීනය හා එක්ව කටයුතු කීරීමට සූදානම් – රුසියානු ජනපති

ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් චීනය හා එක්ව කටයුතු කීරීමට සූදානම් – රුසියානු ජනපති

by chanaka
September 21, 2023 12:58 pm 0 comment

ඒකාධිපතිවාදයට එරෙහි වීමේ දී සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීමේ දී චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා කියාසිටී.

ඔහු මේ බව පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා මොස්කව් අගනුවර දී ඊයේ (20) හමු වූ අවස්ථාවේ දී ය.

ඉකුත් මාර්තු මාසයේ සිදු වූ, චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ රුසියානු සංචාරය දෙරට අතර සබඳතාවයේ නව යුගයක ඇරඹුම සටහන් කළ බව පුටින් මහතා පැවසීය. ‘එක් තීරයක් එක් මාවතක්’ මුලපිරුම ඉතා අගය කරන රුසියාව ඊට ස්ථිර ව සහාය දෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

අන්‍යොන්‍ය උපායමාර්ගික විශ්වාසය වැඩිදියුණු කරමින්, දෙරට රාජ්‍ය නායකයන් විසින් එළඹුණු සම්මුතිය මූලික මාර්ගෝපදේශය ලෙස ගෙන රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව වං යී මහතා මෙහිදී පැවසීය.

ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් චීනය හා එක්ව ක්‍රියා කීරීමට සූදානම් – රුසියානු ජනපති

ඒකාධිපතිවාදයට එරෙහි වීමේ දී සහ ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීමේ දී චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා කියාසිටී. ඔහු මේ බව පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා මොස්කව් අගනුවර දී ඊයේ (20) හමු වූ අවස්ථාවේ දී ය.

ඉකුත් මාර්තු මාසයේ සිදු වූ, චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ රුසියානු සංචාරය දෙරට අතර සබඳතාවයේ නව යුගයක ඇරඹුම සටහන් කළ බව පුටින් මහතා පැවසීය. ‘එක් තීරයක් එක් මාවතක්’ මුලපිරුම ඉතා අගය කරන රුසියාව ඊට ස්ථිර ව සහාය දෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

අන්‍යොන්‍ය උපායමාර්ගික විශ්වාසය වැඩිදියුණු කරමින්, දෙරට රාජ්‍ය නායකයන් විසින් එළඹුණු සම්මුතිය මූලික මාර්ගෝපදේශය ලෙස ගෙන රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව වං යී මහතා මෙහිදී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT