ලෝක අවිවාහක රූ රැජින – 2023 (Miss Queen of the World) ලෙස කිරුළ පැලඳි, ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි (krishangee Gauree) මෙණෙවිය, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගි වීම සඳහා පෙරේදා (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය හෙට (22) කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිවුදෙනකු 2024 අප්‍රේල් මාසයේ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ක්‍රිශාන්ගී ගෞරි මෙණෙවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කිරීමට ද නියමිතය.
මෙම ක්‍රිශාන්ගී ගෞරි මෙණෙවිය පෙරේදා (19) රාත්‍රී 10.40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය. ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
කටුනායක
ටී.කේ.ජී. කපිල