391
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන අංශයන්ට සිසුන් තෝරා ගැනීම පැරණි ක්‍රමවේදයට අනුව මෙවර ද සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිනමිණට’ ඊයේ (20) පැවසීය. ”උසස් පෙළ ඉසෙඩ් අගය අනුව පළමු වසරේම අදාළ පාඨමාලාවට යොමු කරනවා” මැයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ නමින් ඊයේ (20) පළ වූ ප්‍රවෘත්තිය සන්නිවේදන දෝෂයකින් පළ වූ අතර ඉන් අපහසුතාවට පත් වූ සභාපතිවරයාට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.