ජල සම්පාදන මණ්ඩලයේ වැඩ පරීක්ෂකට පහර දී ඔහු ඇතුළු සිවුදෙනා සවලෙන් ගසා මරා දමන බවට තර්ජනය කර විසන්ධි කළ ජල සැපයුම ලබාගත් පුද්ගලයකුට එරෙහිව බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිලි කර ඇත. පහර කෑ වැඩ පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත්ව ඇත.
මාස කීපයක සිට බිල්පත නොගෙවා එකතුව තිබූ රුපියල් 32000 ක ජල බිල්පත හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට වැඩ පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පයිප්ප වෑද්දුම්කරුවෙකු , කම්කරුවෙකු සහ රියැදුරෙකු ඊයේ (20) හවස බන්ඩාරගම මැදගම , මිණිමුතු මාවත ප්‍රදේශයේ නිෙවසකට ගොස් තිබූ බව පොලිසිය කියයි.
එහිදී පහරකෑ වැඩ පරීක්ෂකවරයා නිවැසියන් ට ජල සැපයුම විසන්ධි කරන බවට දැනුම්වත් කර ඇති අතර පයිප්ප වෑද්දුම්කරු ජල සැපයුම විසන්ධි කර ඇත.
එසැණින් නිෙවස තුළ සිට පැමිණි පුද්ගලයා ගලකින් වැඩ පරීක්ෂකවරයාට පහරදී අනතුරුව ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර පා පහරක්ද එල්ල කර ” දීපන් යකෝ වතුර නැත්නම් හතර දෙනාම මරනවා මෙතනම යැයි” සවලක් ගෙන තර්ජනය කර ඇති අතර ඊට බිය වූ වැඩ පරීක්ෂකවරයා විසන්ධි කරන ලද ජල සැපයුම යථාවත් කර එම ස්ථානයෙන් සිය පිරිස සමඟ පිට වී පොලිසියට පැමිණිලි කර ඇත. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම- බිමල් ජයසිංහ