කිසියම් පුද්ගලයකු විසින් තමන්ට දුරකතන ඇමතුම් දී මරණ තර්ජනය එල්ල කරන බව දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
මවක හා දුවක දූෂණය කිරීමෙන් පසුව ගිනි තබා ඝාතනය කර ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් දෙදෙනකු විසින් තමන්ට චෝදනා එල්ල කරන බවත් 1988 වසරේදී තමන් අවුරුදු අටක කුඩා දරුවකු බවත් මන්ත්‍රීවරයා පැවසීය. Òඑළියට බහින්න එපා, මරනවා, කපනවාÓ ආදි දෑ සඳහන් කරමින් තමන්ට විවිධ තර්ජන සිදු කරන බවත් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.
එළියට බහින්න එපා කපනවා, මරනවා කියලා මට තර්ජනය කරනවා. ඒ වගේම එවැනි තර්ජන කරමින් එස්.එම්.එස් පණිවුඩ පවා එවනවා. අපි දැක්කා උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට වෙඩි තැබීමේ සිද්ධියක්. අම්ම කෙනකුයි දුවකුයි අසූනවය වසරෙදී මම දූෂණය කරලා ගිනි තියලා මැරුවා කියලා මංජුල ප්‍රියංකර සහ මෛත්‍රි ධර්මරත්න කියන ෆෙස්බුක් සමාජ මාධ්‍ය දෙකකින් මට චෝදනා කර තිබෙනවා. මම හිතන්නෙ ඒ අය දන්නෙ නැහැ අසූ නවයෙදී මට අවරුදු අටයි කියලා. මේ ගැන දන්නෙ නැති අය මට විවිධ අපහාස කරනවා. මම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. අපේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. විපක්ෂ නායකවරයා බරපතළ කාරණාවක් කියන්නේ. යම් පැහැදිලි විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. රජය කිසියම් පියවරක් ගත යුතුයි.
නීතිය හා සාමය අද නැති තත්ත්වයක් තියෙන්නෙ. සියලු මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාවටත් වඩා ලක්ෂ දෙසිය විස්සක ජනතාවගේ ආරක්ෂව වෙනුවෙන් ආණ්ඩුව පියවර ගත යුතුයි.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න