Home » හිටපු රාජ්‍ය ඇමැතිගේ ලේකම් රට රැකියා දෙනවා කියා කෝටි ගණනින් මුදල් ගරලා පොලිස්ථාන රැසකට පැමිණිලි

හිටපු රාජ්‍ය ඇමැතිගේ ලේකම් රට රැකියා දෙනවා කියා කෝටි ගණනින් මුදල් ගරලා පොලිස්ථාන රැසකට පැමිණිලි

by sachintha
September 21, 2023 1:36 am 0 comment

පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල රාජ්‍ය ඇමැතිවරයකුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයකු පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පිරිස් රවටා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදල් උපයා ඇති බවට පොලිස්ථාන රැසකට පැමිණිලි ලැබී ඇත.

ආණමඩුව වඩත්ත ප්‍රදේශයේ මුල්පදිංචිකරුවකු වන මෙම සැකකාර හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා පසුව මාදම්පේ ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවද කියයි. අදාළ පුද්ගලයා සයිප්‍රස්, ඊශ්‍රායල් ඇතුළු රටවල රැකියා දෙන පවසමින් මෙසේ රුපියල් ලක්ෂ 3 සිට ලක්ෂ 20 දක්වා වංචනිකව මුදල් උපයා ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා විදේශ රැකියා ලබා දෙන බව පවසමින් සිදුකළ ජාවාරමට හසු වූ පිරිස් ආණමඩුව, පුත්තලම, නොරෝච්චෝල, හලාවත, කල්පිටිය, මාදම්පේ, වෙන්නප්පුව, ඇතුළු පොලිස්ථානවලට පැමිණිලි කර ඇති බව ද කියයි.

විදේශ රැකියා සඳහා මුදල් ලබා දුන් පිරිස් පවසන්නේ මෙම පුද්ගලයා පසුගිය 2021 වසරේ සිට 2022 වසර දක්වා මෙම පුද්ගලයන් රවටමින් මෙසේ මුදල් ලබා ගැනීම සිදු කර ඇති බවයි. එසේ මුදල් ලබා ගැනීමට ඔහුගේ හිතවතුන් යොදා ගනිමින් කටයුතු කර ඇති බවත්, මුදල් ලබා ගැනීමට මෙම පුද්ගලයා ඍජුව මැදිහත් වූ බව එම ජාවාරමට අසු වූ පුද්ගයින් පවසයි. අදාළ ලේකම්වරයාගේ උගුලට අසු වූ ආණමඩුව තෙන්නන්කුරියාව ප්‍රදේශයේ පදිංචි ජී.ඩී. වසන්ත මහතා මාධ්‍යයට අදහස් දක්මින් පවසා සිටියේ මෙවැන්නකි.

“මේ ලේකම්වරයා අපේ හිතවත් අයකු සමඟ නිවෙසට ආවා ඉන්පසුව අපි සමඟ සුහදශීලි බවක් පවත්වා ගනිමින් ඇසුරු කරන්න පටන් ගත්තා. ඉන්පසුව තමයි මම ඊශ්‍රායල් යන්න මුදල් දුන්නේ.

ඉන් පස්සේ මම මේ පුද්ගලයා විශ්වාස කරලා අපේ හිතවතුන්ගෙන් රට යවන්න මුදල් අරන් දුන්නා. සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 25කට ආසන්නයි. අවසානයේ අර ලේකම් කියන මනුස්සයා මඟ හරිමින්, විදේශ රැකියා දීම තියා දුරකතනයටත් ඇමතුමක් ගන්න බැරුව ගියා. අවසානයේ මගේ වෑන් එක විකුණලා මම අනිත් අයට ණය ගෙවා දැම්මා. දැන් අපි අන්ත අසරණ වෙලා.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT