ඉඩම් කොමිෂන් සභාව පිහිටුවා ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය තෘණ බිම් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව අපේ ජන බල පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
ගොවියන්ට තෘණබිම් දීමේ ප්‍රශ්නය උතුරු හා නැඟෙනහිර, මොනරාගල ප්‍රදේශවල ඉතා පහසුවෙන් විසඳිය හැකි බවත් නමුත් එය විසඳීමට කටයුතු නොකර ඉඩම් බලතල දීම යනාදිය ගැන සාකච්ඡා කරන බවත් උන්වහන්සේ පැවැසූහ. වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. උන්වහන්සේ මෙසේ ද පැවැසූහ. අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා ඒ ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න කිහිපයක් ගැන සඳහන් කළා. ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය වගේ ප්‍රදේශවල ගවයන් ඇති කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. රජය ඉඩම් බලතල ලබාදීම ගැන ලොකුවට කතා කරනවා. හම්බන්තොට වගේ පැතිවල පිට්ටනි, ගුවන්තොටුපොළ හදන්න එහි සිටි හරක් ටික වෙනත් ප්‍රදේශවලට ගිහින් දාලා තිබෙනවා. වනජීවි ඉඩම්වල හරක් 30,000 ක් පමණ සිටිනවා. ඉතින් මේ ප්‍රශ්නය කිලිනොච්චියේත් තිබෙනවා. නීති විරෝධී ලෙස ගවයන් විශාල ලෙස ඝාතනය කරනවා.
ඉඩම් කොමිෂන් සභාව පිහිටුවා දෙමළ ජනතාවට තෘණබිම් ලබාදීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. වී මිල දී ගැනීමේ ප්‍රශ්නයත් තිබෙනවා. මේ එක ප්‍රශ්නයක්වත් විසඳීමට රජය කටයුතු කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ තෘණබිම් ප්‍රශ්නය විසඳීමට රජය පියවර ගත යුතුයි.