Home » අඩු ආදායම්ලාභීන්ට ලෝක ආහාර සංවිධානයෙන් ආහාර මලු

අඩු ආදායම්ලාභීන්ට ලෝක ආහාර සංවිධානයෙන් ආහාර මලු

by sachintha
September 21, 2023 5:00 am 0 comment

ලෝක ආහාර සංවිධානය මඟින් වතුකරයේ අඩු ආදායම්ලාභී පවුල්, අබාධිත, අසරණ පවුල් වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ආහාර මලු බෙදා දීම පෙරේදා (19) දින සිට ආරම්භ විය.
මෙහිදී සහල් කිලෝ 50ක්, පරිප්පු කිලෝ 20ක් සහ ආහාර පිසින තෙල් ලීටර් 05 බැඟින් එක් පවුලකට ලබා දෙන අතර, මෙය මාස දෙකකට වරක් මාස හයක කාලයක් තෙක් නොමිලේ ලබාදෙන බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීවරයා සහ සංවර්ධන නිලධාරීවරයා මඟින් ප්‍රතිලාභීන් තෝරාගෙන ඇති අතර, නොර්වුඩ් ප්‍රදේශයේ එම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයක් සිදු වූ බව පවසමින් නොර්වුඩ් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සහ අබාධිත, අසරණ පුද්ගලයන් විශාල පිරිසක් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT