පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් කන්තලේ වැවේ හා මහවැලි ගඟේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීමේ ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස මහවැලි ගඟ හරස් කර අමුණක් සෑදීම ආරම්භ කර ඇත.
ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් හා සිවිල් ආරක්ෂක භටයන් එක්ව මෙසේ මහවැලි ගඟ හරස් කරමින් තාවකාලික අමුණක් සෑදීම පෙරේදා (19) සිදු කර තිබේ.
ඇල්ල ජල පොම්පාගාරයෙන් පැයකට ජලය ඝන මීටර් 600ක් පමණ ලබා ගත් නමුත් ජලය අඩු වීම හේතුවෙන් එසේ කිරීමට නොහැකි බවත්, වැලි කොට්ට ගසා ඉදිකරන තාවකාලික අමුණෙන් ජලය ඝන මීටර් 500ක් පමණ පොම්ප කිරීමට හැකි වන බවත් කන්තලේ ජල සම්පාදන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරී එච්.එම්. රංජිත් හේරත් මහතා පැවසීය. මෙම ජල පොම්පාගාරයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජල සැපයුම් ලක්ෂයකට පමණ ජලය නිකුත් කරයි.
කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි