Home » සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 17යි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 17යි

by sachintha
September 21, 2023 1:31 am 0 comment

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය සැමරීම පසුගියදා සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදු කෙරිණි. වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සැමරුම් උත්සවය මොරටුවේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් සම්මාන මුරයක්ද එදින පැවැත්විණි. දෙපාර්තමේන්තුවේ සියලුම නිලයන් සහ සෙසු නිලයන් එම අවස්ථාවට එක්වුහ.
සටහන – ඡායාරුප – රත්නසිරි පතිරණ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT