Sunday, May 11, 2025
Home » බිත්තියට මූත්‍ර නොකරන්නැයි කීවාට සේවකයන්ට හා දුම්රිය ස්ථානයට ප්‍රහාරයක්

බිත්තියට මූත්‍ර නොකරන්නැයි කීවාට සේවකයන්ට හා දුම්රිය ස්ථානයට ප්‍රහාරයක්

by sachintha
September 21, 2023 1:31 am 0 comment

කලහකාරී ලෙස හැසිරුණ කිසියම් පිරිසක් කළුතර දකුණ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට සහ දුම්රිය ස්ථානයට ගල්මුල්වලින් පහර දී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර දකුණ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පෙරේදා (19) රාත්‍රී 10.30ට පමණ බීමත්ව පැමිණි පිරිසක් දුම්රිය ස්ථානයේ තාප්පයට මුත්‍රා කිරීමට සූදානම් වී ඇති බවත්, දුම්රිය සේවකයින් එයට විරුද්ධ වීම ගැටුමට හේතුව බවත් සඳහන් වේ.

පිරිස ගල් ප්‍රහාරයක් එල්ල කර මල් පෝච්චි තුනකට සහ මගී ආසනයක් පෙරළා ඇති බවත් ස්ථානාධිපතිවරයා ඇතුළු දුම්රිය සේවකයින් බිත්තිවලට මුවා වී ආරක්ෂා වී ඇති බවත් දුම්රිය සේවකයෝ පවසති.

ප්‍රහාරය එල්ල වන මොහොතේ ස්ථානාධිපතිවරයා ඇතුළුව හය දෙනෙකු රාජකාරියේ යෙදී සිට ඇති බව සඳහන් වේ.
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක,
අලුත්ගම – තුසිත කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT