ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව පදනමේ අනුග්‍රහය ඇතිව බොල්ලැගල – මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මඟින් උසස් පෙළ හදාරන සිසුන් 500 දෙනෙකුට පාසල් උපකරණ හා අඩු ආදායම්ලාභී පවුල් 500කට වියළි ආහාර නොමිලයේ ප්‍රදානය කිරීම පෙරේදා (19 වැනිදා) පස්වරුවේ එම බෞද්ධ අධ්‍යාපන ආයතනයේදී සිදු කරන ලදී.
මෙහිදි බියගම හා කැලණිය අධ්‍යාපන කොට්ඨාසවල පාසල්වල උසස් පෙළ සිසුන් 500 දෙනෙකුට පාසල් උපකරණ හා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 දෙනෙකුට වියළි ආහාර ප්‍රදානය කෙරිණි.
එහිදි එම බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති හා ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් එම පාසල් උපකරණ හා වියළි ආහාර මලු ප්‍රදානය කළ අයුරුයි මේ.
මේ අවස්ථාවට එම බෞද්ධ අධ්‍යයන ආයතනයේ පීඨාධිපති දම්පේ විජිතරතන, කථිකාචාර්ය පස්ගොඩ සුමිත්ත හා කථිකාචාර්ය සූරියවැව සුමේධ යන හිමිවරුන් ද විදේශීය දූත පිරිසක් ද සහභාගී වූහ.
මල්වාන සමූහ මහානාම විතානගේ හා දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති