Home » පැය 4කට වැඩි දීර්ඝ සාකච්ඡාවකින් නායකත්වයේ ඔටුන්න යළිත් දසුන්ගේ හිස මතට

පැය 4කට වැඩි දීර්ඝ සාකච්ඡාවකින් නායකත්වයේ ඔටුන්න යළිත් දසුන්ගේ හිස මතට

-ඉල්ලා අස්වීමේ කතාව තහනම් වචනයක් වෙලා

by sachintha
September 21, 2023 8:02 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පෙරවරුවේ පැය 4කුත් මිනිත්තු 25ක පමණ දීර්ඝ කාලයක් පැවැති ක්‍රිකට් තේරීම් කමිටු රැස්වීමෙන් අනතුරුව ලෝක කුසලාන එක්දින තරගාවලියේ නායකත්වය යළිත් දසුන් ශානකට පැවරීමට තීරණය කර ඇත. කණ්ඩායමේ නායකත්වය පිළිබඳ හා ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දසුන් ශානක කැඳවා තිබූ අතර, එහිදී දසුන් ශානකගේ නායකත්ව දක්ෂතා පිළිබඳ සාකච්ඡාවී තිබේ. මෙහිදී දසුන් ශානක තේරීම් කමිටුවට පවසා ඇත්තේ රට වෙනුවෙන් අවශ්‍ය නම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවය.

එහෙත් ක්‍රිකට් තේරීම් කමිටුව දසුන් ශානකගේ ඉල්ලා අස්වීමේ කතාව සැලකිල්ලට ගෙන නොමැත. ඔහු තවදුරටත් නායකත්වයේ කටයුතු කළ යුතු බවට තේරීම් කමිටුව දැනුම්දී ඇති අතර, පිතිකරුවෙකු ලෙස නැවැත නැඟී සිටීමේ අවශ්‍යතාව දසුන් ශානක තේරීම් කමිටුවට පවසා තිබේ. ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියද, එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ දෙවැනි හොඳම එක්දින ක්‍රිකට් නායකයා ලෙස දසුන් ශානක තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ද අවධාරණය කළේය. දසුන් ශානක 2021 සිට මේ දක්වා ශ්‍රී ලංකා එක්දින පිල මෙහෙයවමින් තරග 39කදී ජයග්‍රහණ 23ක් ලබා පරාජ 15ක් වාර්තා කොට ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 58.97ක ප්‍රමාණයක් රඳවා ඇත. ඔහුගේ නායකත්වය යටතේ කුසලාන කිහිපයක්ම ශ්‍රී ලංකාව දිනා ඇත.

 

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT