අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේදී මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලට එරෙහිව තුන් ඉරියව් දස්කම් දක්වමින් මහනුවර ධර්මරාජ විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පුළිඳු පෙරේරා සමත් විය.
මේ තරගයේදී පුළිඳු පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 91කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 120ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 3ක් ද බිඳ හෙලීය.
මේ අතර තවත් තරගයකදී මහනුවර ත්‍රිත්ව විදුහලේ නායක මනුල කුලරත්න මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 20කට කඩුලු 6ක් දවාලමින් තම පිලට තෙවැනි ජය ලබාදීමට වැඩි දායකත්වයක් දැක්වීය.
මේ දක්වා අපරාජිතව පසුවන පසුගිය වසරේ පළමු කොටස ටියර් ඒ තරගාවලියේ ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල මීගමුව මාරිස්ටෙලා විදුහල පරදවමින් තම පිලේ තෙවැනි ජය ලැබීය.
මේ තරගවලදී කොළඹ ආනන්ද, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ සහ මහනුවර විද්‍යාර්ථ විදුහල් ජය වාර්තා කළේය.
මහනුවර ත්‍රිත්ව විදුහලට කඩුලු 7ක ජයක්
මීගමුව මාරිස්ටෙලා – 120 (ඕවර 49.3) මිනෙත් ප්‍රනාන්දු 34, හසිඳු පෙරේරා 21, ෂෆ්නි ඩීන් 20 (මනුල කුලරත්න 20/6)
මහනුවර ත්‍රිත්ව – 122/3 (ඕවර 22.2) සුපුන් වඩුගේ 32, විනුක දම්මගේ 20
ගාල්ල මහින්ද විදුහලට ලකුණු 4ක ජයක්
ගාල්ල මහින්ද විද්‍යාලය – 147 (ඕවර 26.4) දිනෙත් පැහැසර 29, තරුෂ ඩිල්ෂාන් 28, හරීන් අචින්ත 26, දිනුර කළුපහන 23 (මධුර භාෂිත 18/3, චමෝද් සංදීප 23/3)
වත්තල සාන්ත අන්තෝනි – 143/8 (ඕවර 28) ටිෂාන් ද සිල්වා 34, චාමික රණසිංහ 32, අමිත චන්දීප 22, විශාල් රුක්ෂාන් 20 (කවීන් රුක්ෂාන් 24/2, තරුෂ ඩිල්ෂාන් 31/2, දිනුර කළුපහන 34/2)
කොළඹ ආනන්ද විදුහලට කඩුලු 4ක ජයක්
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් – 204 (ඕවර 47) දසුන් පෙරේරා 50, කවිඳු ප්‍රේමරත්න 46, කවිත් ප්‍රනාන්දු 38 (ආශිංෂ නයිනායක 38/3 , මිනග පෙරේරා 10/2)
කොළඹ ආනන්ද – 205/6 (ඕවර 41.5) නෙත්ම කරුණාරත්න 78, කාංචන ද ලිවේරා 30, කෙනුල් ද සොයිසා 28 (ඩොමිනික් ප්‍රනාන්දු 36/3, පසල් ප්‍රනාන්දු 29/2)
මහනුවර ධර්මරාජ විදුහලට ලකුණු 15ක ජයක්
මහනුවර ධර්මරාජ – 216 (ඕවර 46.1) පුළිඳු පෙරේරා 120, කළණ හේරත් 21, දුලර බන්දුලසේන 20 (ඉසුරු ගුණසේකර 26/4, අරූෂ මෙන්ඩිස් 46/4)
මහනුවර ශාන්ත සිල්වෙස්තර – 201 (ඕවර 49.2) යසිත ඉසුරංග 60, අරූෂ මෙන්ඩිස් 56, කාශ්‍යප දිසානායක 43 (පුලිඳු පෙරේරා 32/3, අරෝෂ මහගෙදර 41/2, දක්ෂික මනුකල්ප 46/2
මහනුවර විද්‍යාර්ථ විදුහලට ලකුණු 71ක ජයක්
මහනුවර විද්‍යාර්ථ – 110 (ඕවර 31.1) ෂෙවාන් මෝසස් 27 (චමෝද් මිහිරාන් 22/3, රශාන් දීමන්ත 8/2, භාතිය සත්සර 38/2)
හොරණ තක්ෂිලා – 39 (ඕවර 20.1) (අනිෂ්ක සඳරු 4/4, චමල්ක ගිහාන් 9/2, ධනුප කොඩිකාර 11/2, ෂෙවාන් මෝසස් 11/2)
ඉෂානි යද්දෙහි