Home » ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක්

ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක්

by chanaka
September 22, 2023 7:38 am 0 comment

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම හමුව සිදු විය.

මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බයිඩ්න් යුවළ සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT