මේ වනවිට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පැතිර යමින් තිබෙන මාරාන්තික ‘නිපා‘ වෛරස් රෝග තත්ත්වය අප රටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා වහාම සුදුසු රෝග අවේක්ෂණ කටයුතු අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මියට උපදෙස් ,ලබා දී ඇත.
ඊයේ(22)පේරාදෙනියේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගිය ඇමැතිවරයා නිපා වෛරස් රෝගය නිසා මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තය මෙන්ම මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව සිදු කළ විමසීමකින් පසුව මෙම උපදෙස් ලබා දී තිබේ.
කුරුළු උණ රෝගය මෙරටට ඇතුලුවීම වළක්වා ගැනීමට අප රටේ සියලු අංශවලට හැකි වුවාක් මෙන් මෙම නිපා වෛරසය ද මෙරටට ඇතුළුවීම වළක්වා ගැනිමට සියලු පියවර ගත යුතු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
එහිදී අදහස් පළ කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී අවධාරණය කර ඇත්තේ මෙම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ අල්ප බවත්, විශේෂයෙන් ඌරන්ගෙන් මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් අප රටේ සිටින ඌරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග ආවේක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.
බුද්ධිකා ඉඹුලාන