Home » කිලිනොච්චියේ වැලි ගොඩදැමීම සහ වැලි පැටවීමේ කටයුතුවලට තාවකාලික තහනමක්

කිලිනොච්චියේ වැලි ගොඩදැමීම සහ වැලි පැටවීමේ කටයුතුවලට තාවකාලික තහනමක්

by chanaka
September 22, 2023 4:25 pm 0 comment

කිලිනොච්චියේ දිස්ත්‍රික්කයේ බලපත්‍රලාභී වැලි ගොඩදැමීම සහ වැලි පැටවීමේ කටයුතු තාවකාලිකව තහනම් කරන ලෙසත්,නැවත දැනුම් දෙන තුරු වැලි ගොඩදැමීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙසත් ධීවර ඇමැති කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඩග්ලස් දේවානන්දා මහතා අදාල දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අනවසර වැලි ගොඩදැමීම පාලනය කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ සිදුකෙරෙන අනවසර වැලි ගොඩදැමීම් සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව, ඉරණමඩු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්තමන්ට දැනුම් දී ඇති බවත් එලෙසම අනෙකුත් ප්‍රදේශවල සිදුකෙරෙන අනවසර වැලි ගොඩදැමීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළයුතු බවත් ඇමැතිවරයා මෙම කමිටුවේදී උපදෙස් ලබා දී තිබේ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT