අද ඉඳන් කතුරු මිතුරු
ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු චිත්‍රපටය අද (22) සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරින් චාරුණී, ජයනි සේනානායක, මිහිර සිරිතිලක, සඳනි හෙට්ටිආරච්චි ආදිහු මෙහි රඟති. සහාය අධ්‍යක්ෂණයෙන් ජයන්ත අබේරත්න ද කැමරාවෙන් රුවන් කොස්තා ද අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක ද කලා අධ්‍යක්ෂණයෙන් මනෝජ් වික්‍රමසිංහ ද සංස්කරණයෙන් අජිත් රාමනායක ද සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ ද එක්වන මෙහි නිෂ්පාදනය බාසුරු සිරිවර්ධනගෙනි.
———————————————————————————————————————————
ජොස් ආයෙත් පියෙක් වෙන්න බලාපොරොත්තුවෙන්
හොලිවුඩ් නළු ජොස් ඩුහමෙල් දෙවන වරටත් පසුගිය වසරේ 29 හැවිරිදි ඇමරිකන් නිරූපිකා අයුඩ්රා ඩයිනි සමඟ යුග දිවියට එළැඹුණා. විවාහයෙන් වසරක් ඇවෑමෙන් පසුගියදා ජොස් සහ අයුඩ්රා ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් හරහා අපගේ පළමු දරුවා ඉක්මනින් අපේක්ෂා කරන බවත් බේබි ඩුහමෙල් ළඟදීම පැමිණෙන බවත් සටහන් කර තිබුණා. මීට පෙර ඇමරිකන් පොප් ගායිකාවක් වන ෆෙර්ජි සමඟ විවාහ වී සිටි 50 හැවිරිදි ජොස්හට එම විවාහයෙන් අවුරුදු 10 පුතෙක්ද සිටිනවා.
———————————————————————————————————————————
ප්‍රේමසිරිගෙන් ස්ත්‍රී හා වයිරා
ප්‍රේමසිරි ගමගේ අධ්‍යක්ෂණය කරන ස්ත්‍රී හා වයිරා නාට්‍යයේ වැඩ ඉකුත්දා ඇරඹිණි. උදය කුමාරි, සිඩ්නි රෝහණ, නුවන් විජය ශ්‍රී, කුමුදුනී අධිකාරි, නිලංගනී පෙරේරා, සුමුදු ජයවර්ධන, ප්‍රගීත් සිල්වා, උදය කුමාර ඇල්පිටිය, සංජීව පතිරගේ, ලලිත් විජේරත්න, නිලන්ති ගුණවර්ධන, චාන්දනී පෙරේරා, කාන්ති රම්‍යලතා, රංජිත් ලාල් ආදිහු මෙහි රඟති.
———————————————————————————————————————————
සන්ෆ්ලවර්ස්ට 40යි
———————————————————————————————————————————
බහුචරිතධාරී නිහාල්
නිහාල් ප්‍රේමචන්ද්‍ර ප්‍රවීණ රංගන ශිල්පියෙකි. චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. චිත්‍ර ශිල්පියෙක්, පුවත්පත් කලාවේදියෙක් ආදී බහු චරිත දරන්නෙකි.
‘මගේ මල්සරා’ වේදිකා නාට්‍යය හැරෙන්නට ඉදිරියේදී පිළියන්දල සංස්කෘතික සංගමය එක්ක තවත් අලුත් නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණොත් පිළිගන්නවා. මං ටේලර් සාප්පුව විකට වැඩසටහනෙන් 1976දී මේ ගමන ඇරඹුවේ. ක්‍රිස්තු චරිතය චිත්‍රපටියෙන් මං සිනමාවට ආවේ. චිත්‍රපටි 36කට විතර රංගනයෙන් දායක වුණා. තිර වරුණ, සුපිරි තරුව සිනමා පත්තර, සඟරාවලට දායක වුණා. චිත්‍රකතා නිර්මාණවලට පාඨකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒක සතුටක්…’ වශයෙන් ඔහු කීය.
——————————————————————————————————————————–
BOI කැමැත්ත කටානායකතුමන්ට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය විධායක නිලධාරීන්ගේ සංගමයට ආධාර පිණිස 22 වැනි සිකුරාදා සවස 6ට ගරු කටානායකතුමනි නාට්‍ය එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත කෙරේ.
————————————————————————————————————————-
අද අහසින් වැටෙයි
සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ ‘අහසින් වැටෙයි’ සිනමා කෘතිය අද ( 22) සිට කොළඹ වන්ගෝල්ෆේස්හි PVR සහ මහරගම ඇමිටි ලයිට් සිනමාශාලා වලදී ප්‍රදර්ශනය කෙරේ. අරගලයකට ඕපපාතිකව එක්වන තරුණයකු එහි උච්චතම අවස්ථාවකදී එහි සිටින චීන ජාතික තරුණියක් පැහැරගෙන වනගතවීමත් සමඟ මුහුණ දෙන අනපේක්ෂිත සිද්ධි දාමය වටා මේ චිත්‍රපටය දිවයයි. තුසිත ලක්නාත්, කෞශල්‍යා ප්‍රනාන්දු, Huang lu,ස්ටීව් ඩිලා ද සිල්වා, ඩබ්ලිව්. ජයසිරි, ජෝ අබේවික්‍රම, සම්පත් ජයවීර, දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී එළිදැක්විණි.
———————————————————————————————————————————
අවදානමට සූදානම!
ලංකා ඇල්සයිමර් පදනම සහ පවර් ඔෆ් ප්ලේ ඉදිරිපත් කරන මහදැනමුත්තා අමුත්තා වෙලා, ඩිමෙන්ෂියාව පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පැවැත්වෙන රූකඩ සංදර්ශන මාලාවේ දර්ශන දෙකක් පිළිවෙළින් අද ( 22) පෙ.ව 10. 30 හා ප.ව 2ට ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදීත්, 26දා පෙ.ව 10.30 හා 3ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත් පැවැත්වේ.
———————————————————————————————————————————
තිර රචනයේ බයිබලය කියවමු
තිර රචනා කලාවේ බයිබලය ලෙස සැලකෙන ‘Syd field රචිත screenplay writing’ කෘතිය ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංගමය මඟින් සිංහලයට පරිවර්තනය කර ඇත. එම කෘතිය 24දා සවස 3ට ජාතික චිත්‍රපට සංස්ථාවේදී එළිදැක්වේ. එදින ප්‍රවීණ සිනමාවේදීන් වන ජයන්ත චන්ද්‍රසිරි, සරත් ධර්මසිරි සහ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර දෙසුම් පවත්වති.
———————————————————————————————————————————
සිත්තරන් රැසක් එන IMPULSES
ගීතානි කිරිඇල්ල, ලලිත් ලංසක්කාර, උපාලි ආනන්ද, චන්ද්‍රාණි ජයතිලක, සුනන්ද බණ්ඩාර, රජීව් වෙත්තසිංහ, ලෙස්ලි කුමාරසිංහ ඉදිරිපත් කරන IMPULSES සමූහ චිත්‍ර ප්‍රදර්ශනය අද (22) සහ හෙට (23) කොළඹ හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී.