Home » අමෙරිකාවෙන් දිගටම වාසි ලබන සෙලෙන්ස්කි

අමෙරිකාවෙන් දිගටම වාසි ලබන සෙලෙන්ස්කි

by chanaka
September 22, 2023 2:04 pm 0 comment

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් වොෂින්ටන් ඩීසී හි සිදුව ඇත.

බ්‍රහස්පතින්දා ධවල මන්දිර කැබිනට් මණ්ඩලය ඉදිරියේ කෙටි ප්‍රසිද්ධ ප්‍රකාශයන්හිදී, සෙලෙන්ස්කි වොෂින්ටනයේ ඔහුගේ සාකච්ඡා “ඵලදායි” සහ “ශක්තිමත්” ලෙස හඳුන්වමින් කෘතවේදී සටහනක් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව ආක්‍රමණය කළ දා සිට ගත වූ කාලය ගැන සඳහන් කරමින් “මේ දින 575ටම ඔබට ස්තූතියි,” ඔහු පැවසීය. “අමෙරිකානු ජනතාවට ස්තූතියි, මේ සියලු දිනවල ඔවුන් අප සමඟ, යුක්රේනියානුවන් සමඟ, සාමාන්‍ය මිනිසුන් සමඟ,.” යනුවෙන් සදහන් කර ඇත.

එසේම බ්‍රහස්පතින්දා ජනාධිපති ජෝ බියිඩන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකා ඩොලර් මිලියන 128 ක් වටිනා නව හමුදා ආධාරය පිළිබඳවද ඔහු කෘතවේදිත්වය පළ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT