Sunday, May 11, 2025
Home » කළුබෝවිල සරණංකාර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට මැර ප්‍රහාරයක්

කළුබෝවිල සරණංකාර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට මැර ප්‍රහාරයක්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ
මැර පිරිස පහර දෙන අයුරු

කඩු-පොලු සහ තියුණු ආයුධ රැගෙන පැමිණි විශාල පිරිසක් කළුබෝවිල සරණංකාර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට සිටි පිරිසකට පෙරේදා (20) රාත්‍රී කළ පහර දීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය සඳහන් කරයි.

තමා ඝාතනය කිරීම සඳහා ඉලක්ක කරගෙන මේ පිරිස පැමිණ ඇති බව සාගර කුමාර නමැති ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ. දේපළ ප්‍රශ්නයක් මුල් කරගෙන තම මස්සිනා, මව සහ සොයුරිය විසින් විසින් මේ පිරිස මෙහෙයවා ඇති බවද මේ ප්‍රකාශයේ සඳහන් වේ. මේ පිරිස පැමිණෙන අවස්ථාවේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට රැඳී සිටි ව්‍යාපාරිකයා සිය මෝටර් රථය පණ ගන්වාගෙන ඒ ස්ථානයෙන් පලා යෑම හේතුවෙන් ඔහුගේ දිවි බේරී ඇති අතර, ඔහු යටතේ සේවය කරන සේවකයන් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇත. මේ වන විට ඉන් එක් අයකු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහු ශල්‍යකර්මකට භාජනය කර ඇත. තම මස්සිනාගෙන් මේ අයුරින් තමන්ට මරණීය තර්ජන ඇති බවට ව්‍යාපාරිකයා කීප වතාවක්ම පොලිසියට පැමිණිලි කර ඇති නමුත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා නොකර සමථ මණ්ඩලයට යොමු කිරීම හේතුවෙන් තමාට දිගින් දිගටම මේ තර්ජන එල්ල වන බව ව්‍යාපාරිකයා පවසයි. කළුබෝවිල බෝධිය වත්තේ මැර පිරිසක් මේ ප්‍රහාරය එල්ල කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති නමුත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, පහරකෑමට ලක් වූ පාර්ශ්වයේ පුද්ගලයකු සහ පැමිණිලිකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොහුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT