දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පෙදරේරුවකු බවත් පොලිසිය කියයි.
පුද්ගලයකු ගජමුතු දෙකක් අලෙවි කිරීමට ගැනුම්කරුවෙකු සොයන බවට පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරක් අනුව ඒවා මිලදී ගන්නා මුවාවෙන් ගාල්ල නගරයට ගෙන්වා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් මෙම ගජමුතු දෙක ලද ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර ප්‍රදේශයේ මිතුරකු ලබා දුන් බවට අනාවරණය කර ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දී ඇත.
පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් (428) ජයලාල්, කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (77981) ප්‍රබුද්ධ, (90226) බුද්ධික, (91287) සංජීව, (94009) සියන්ත, (104895) දිල්ෂාන් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.