Friday, May 9, 2025
Home » සුළු-මධ්‍ය ව්‍යවසායකයන්ගේ ගැටලුවලට ජනපතිතුමා හෝ විසඳුම් දෙන්න

සුළු-මධ්‍ය ව්‍යවසායකයන්ගේ ගැටලුවලට ජනපතිතුමා හෝ විසඳුම් දෙන්න

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර

by mahesh
September 22, 2023 1:00 am 0 comment

අනුර ප්‍රේමලාල්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ ගැටලු විසඳන්න බලධාරීන් ඇහුම්කන් නොදෙන්නේ නම් ජනාධිපතිතුමා හෝ ඉදිරිපත්වී ඊට විසඳුම් දෙන්නැයි ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ පසුගියදා (18) පිටකෝට්ටේ පැවති එම සංසදයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇය මෙසේ ද කීවේය.

“අපි හෙම්බත් වෙලා ඉන්නේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දැන් විනාශ වෙලා ඉන්නේ. ඒ මේ ආර්ථිකය සංකෝචනය නිසා. ව්‍යාපාර යටපත් කර උද්ධමනය පාලනය කරනවා කියන්නේ වැඩක් නැති දෙයක්. විදුලි බිල්, වතුර බිල් ඔක්කොම අනවශ්‍ය ලෙස වැඩි කරලා. රටේ ප්‍රතිපත්ති තීරණය අනුව ණය දෙන්න පුළුවන්ද? මහ බැංකුව ගත් වැරදි තීරණ නිසා තමයි මේ සේරම ප්‍රශ්න. කොළඹ මිනිස්සු වාහනවල යනවා කිව්වම හිතන්නේ ආර්ථිකය ශක්තිමත් කියලා. මේ දේවල් මහ බැංකුවට තේරෙන්නේ නෑ.”

එම සංගමයේ ලේකම්, ව්‍යාපාරික ලක්මාල් පෙරේරා මහතා

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කියන්නේ රටක කොඳු නාරටිය. වෙන රටවල මේ වගේ අයට වෙනම බැංකු පද්ධතියක් තියෙනවා. හැබැයි ලංකාවේ එහෙම දෙයක් නෑ. අපේ රටේ සියලු දේවල් නිෂ්පාදනය කරන්නේ නෑ. සීයට පනහක් හැටක් පිටරටින් ගේන්නේ. එතකොට අපේ පිරිවැයත් එක්ක අපට ලොකු වියදමක් යනවා නිෂ්පාදනයක් කරන්න.”

ව්‍යාපාරික ඒ. එම්. ජේ. එම්. ජවුෆර් මහතා සහ ව්‍යාපාරික ජානකී අමරසිංහ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT