උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට ඉරාන සහාය ජනපති අගයයි
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලෙස ඒකාබද්ධ කොමිසම කඩිනමින් පිහිටුවිය යුතු බව ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා නිව්යෝර්ක් නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර දී පෙරේදා (20) නායක දෙපළගේ නිල හමුව සිදු විය.
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගිතාව සහ වසර ගණනාවක් පුරා දෙරට විසින් එකිනෙකා වෙත දුන් අන්‍යෝන්‍ය සහයෝගය ගැන සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී ඉරානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ගැනද සිය කෘතඥතාව පළ කළේය.
නව ප්‍රවේශ ඔස්සේ දෙරට අතර සහයෝගිතාව තවදුරටත් පුළුල් කරගත යුතු බව මෙහිදී පැවසූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ආර්ථික සහයෝගිතාව පුළුල් කර ගැනීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලෙස ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමට ද යෝජනා කළේය. ඉරානය සතු අතිනවීන කෘෂි තාක්ෂණ දැනුම මෙරට කෘෂිකර්මාන්තය සඳහා ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ඉදිරියේ දී ඒ ගැන ද සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයෝ එකඟ වූහ.
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ පුළුල් අවස්ථාවක් පවතින බවත්, ඉන්දියානු සාගර වටද්දර සංගමයට (IORA) අයත් සාමාජික රටවල් ද එයට ඇතුළත් කරගත යුතු බවටත් නායක දෙපළ මෙහිදී පිළිගත්හ.
විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂයෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉරානය විසින් ශ්‍රී ලංකාවට දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස කළ ආරාධනාව ද ඉරාන ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.
එසේම එම සංචාරයට සමගාමීව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ද නායකයෝ මෙහිදී එකඟ වූහ.