Sunday, May 11, 2025
Home » පොදුරාජ්‍ය මණ්ඩල වැඩපිළිවෙළේ පෙරමුණ ගැනීමට සූදානම්

පොදුරාජ්‍ය මණ්ඩල වැඩපිළිවෙළේ පෙරමුණ ගැනීමට සූදානම්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

පොදු ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී පෙරේදා (20) පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය අතර ඇති සහයෝගිතාව මෙන්ම පසුගිය වසරේ රුවන්ඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම ගැන ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ දේශගුණික මූල්‍යකරණය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණ දීමට සිදුව තිබෙන අනෙකුත් අභියෝග ගැනද මෙහිදී අවධානය යොමු කෙරිණ.

මේ කරුණු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ඩයස්පෝරා ප්‍රජාව සමඟ මල්බොරෝ හවුස් සංවාදයේ ප්‍රගතිය ගැන ද මහලේකම්වරිය මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළාය.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහත්වරුන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT