Home » ඇමති හරින්ට වහාම විදෙස් ප්‍රතිකාර ගන්නැයි වෛද්‍ය උපදෙස්

ඇමති හරින්ට වහාම විදෙස් ප්‍රතිකාර ගන්නැයි වෛද්‍ය උපදෙස්

by chanaka
September 22, 2023 5:15 pm 0 comment

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මාසයකට ආසන්න කාලයක් දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුකොටගෙන රෝහල්ගතව සිටි අතර අසනීප තත්ත්වය බරපතළ නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළේ විදෙස්ගතව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය.

ඒ අනුව අමාත්‍යවරයා පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත විය.

මීට පෙර අමාත්‍යංශය විසින් සංවිධාන කළ යාල “හිල්ටන් හෝටලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ප්‍රථම හෙතෙම සැත්කම් දෙකකට භාජනය වූ අතර ඔහු අදාළ උත්සවයට පැමිණියේ ද සම්පූර්ණයෙන් සුව වීමට පෙරය.

එහිදී නැවත ආබාධ තත්ත්වය සහ තුවාලය ඉස්මතු වූ අතර ඒ බව නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා රූපවාහිනි නාලිකාවක පැවති ප්‍රසිද්ධ වැඩසටහනකට ද සහභාගී විය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ වැඩියම කතා කළේ මම.සමහරු කියනවා හරි නිහඬ වෙලා කියලා දැන්.මේ චූදිතයෝ සහ මහා මොළකරුවන් අල්ලන්න කියලා මම ඊයේ කළ සටනම අදත් කරනවා. හෙටත් කරනවා.” හරින් එහිදී කීවේය.

ඒ අතර හරින් රූපවාහිනී වැඩසටහන අවසන් වී නැවත නිවසට පැමිණි අතර දණහිසේ මතුව තිබූ තුවාලය නැවත ඉස්මතුවිය.

වහාම ඒ දින ඔහු නැවතත් රෝහල්ගත වූ අතර කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට වෛද්‍යවරුන් යුහුසුළු වූහ.

කෙසේවෙතත් තත්ත්වය තවදුරටත් එසේ පැවැතියදී වෛද්‍යවරුන් පවසා සිටියේ වහාම විදෙස්ගතවී ප්‍රතිකාර ගැනීම සුදුසු බව ය.

ඒ අනුව ඔහු මීට දින කීපයකට පෙර සිය පෞද්ගලික වියදමින් විදෙස් ගත වූයේ ප්‍රතිකාර ලබා ගැනීමටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT