Saturday, May 10, 2025
Home » රටේ බංකොලොත්භාවයට විපක්ෂ නායකවරයාගේ පියාත් වගකිව යුතුයි

රටේ බංකොලොත්භාවයට විපක්ෂ නායකවරයාගේ පියාත් වගකිව යුතුයි

by mahesh
September 22, 2023 1:00 am 0 comment

වර්තමානයේදී රටේ ඇතිව තිබෙන බංකොලොත් තත්ත්වයට ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ විපක්ෂ නායකවරයාගේ පියාත් වගකිව යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා –

මොන විහිළුවක්ද මේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය ගියා නම් මට ප්‍රශ්නයක් නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

හැමදාම උදේට ඇවිල්ලා මෙතුමා මේ කාරණා ඉදිරිපත් කරනවා. පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න අපි පක්ෂ නායක රැස්වීමේදී කතා කරලයි මේ තීන්දුව ගත්තේ. මූල්‍ය ගැටලු ගැනත් කතා කරන්න ඔබතුමන්ලා ඉල්ලන සෑම අවස්ථාවකදීම අවස්ථාව දෙනවා. වෙන වෙනම ඒව ගැන කතා කරද්දි න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන්න බෑ. ඒ නිසා ඔබතුමන්ගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට යන්න කියලා. ‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

පක්ෂ නායක රැස්වීමේදී අපි දන්නේ නෑනේ රට බංකොලොත් කරපු මන්ත්‍රීවරුත් යනවා කියලා එක්සත් ජාතික මහා මණ්ඩල සැසියට. රට බංකොලොත් කරපු පොහොට්ටු කණ්ඩායමත් ගිහිල්ලා. එහා පැත්තෙන් මෙහා පැත්තට පැන්න කණ්ඩායම සන්තෝස කරන්න ගෙනිහිල්ලා. මේ රටේ ජනතාවගේ සල්ලි.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –

රට බංකොලොත් කරන්න මෙතුමාගේ පියාත් කටයුතු කළා. මෙතුමා අවුරුදු ගාණක් ඇමැතිවරයෙක් විදියටත් කටයුතු කළා. පොහොට්ටු පක්ෂය හැදුණේ මෑත කාලයේදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT